චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට
කොවිඩ් 19 වසංගතයේ උපරිම ධාරිතාවට පැමිණ සිටින ඉතාලියේ මේ වන විට අසාධිතයන්ගේ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව දොලොස් දහසකට ආසන්න වි තිබෙයි. ඊය (30) දවස වන විට ඉතාලියට තිබෙන එකම බලාපොරොත්තුව වූයේ දිනෙන් දිනම අසාධිතයන්ගේ වර්ධනය ක්‍රමයෙන් අඩුවීමයි.
මෙවන් තත්වයක් තුළ ඉතාලියට සංක්‍රමණය වු ලාංකිකයන් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න ප්මරණයකගේ ජීවන රටාව ඉතාලි ජාතිකයාන්ගෙන් වෙනස් නොවන අතර මේ වනවිට ආත්යවශ්ය සේවා ලෙස නම් කර ඇති බොහෝ සේවාවන්හි ඉතාලි ජාතිකයන් සමග ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සේවයේ යෙදීම විශේෂත්වයකි.
ප්‍රවාහන, පිරිසිඳු කිරිම්, සෞඛ්‍ය, ආහාර වැනි අංශයන් සඳහා ලාංකිකයන් දායකත්වය දෙමින් තිබේ. එමෙන්ම ගෘහ සේවය හා කර්මාන්ත ශාලා රැසක් වසා දැමීම හෙතුවෙන් ලාංකිකයන් විශාල පිරිසක් නිවෙස් තුළටම වී සිටින අතර ඔවුන්ගෙන් සුළු පිරිසක් තවමත් ලංකාවට පැමිණිමේ බලාපොරොත්තුවෙන් සිටියි.
නමුත් බහුතරයක් ලාංකිකයන් ඉතාලිය මුහුණ දි තිබෙන අසිරු තත්වයේදි ඉතාලිය අතහැර නොයා මෙම තත්වයට මුහුණ දීමට තීරණය කර තිබේ.

මෙවන් තත්වයක් තුල කිසිදු අයෙකුගෙ රැකියා අහිමි නොවන බවට ඉතාලි රජය සහතික කර තිබෙන අතර මෙම තත්ත්ය පසුවන තුරු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනිමට අපදා දීමනාවක් රජය විසින් හඳුන්වා දි තිබෙන අතර එය ලාංකිකයන්ටත් ලබාගත හැකි වීම විශේෂත්වයකි.
ඉතාලියේ කොවිඩ් වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වුවත් ලාංකිකයන් එම රෝගයට ගොදුවීමේ සම්භාවිතාව අවම තත්වයක තිබීම සතුටුදායක කරුණකි.
ඉතාලියේ සියලුම ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැල් විවෘතව පවතින අතර ඔසුසල්ද විවෘතව පැවතීම නිසා කිසිදු ආහාර හිඟයක් හො බෙහෙත් හිඟායකට ලාංකිකයන් මුහුණ දි නොමැත.